
අරලගංවිල, ඇල්ලේවැව ප්රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ඊයේ (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් පසු ඔවුන් කඩිනමින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා අවුරුදු 41ක් වූ ඇල්ලේවැව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, දරුවා අවුරුදු 5ක් වූ ජාඇල ප්රදේශයේ පදිංචි මරණකරුගේ ඥාති දරුවෙකු බව සඳහන්.
වනඅලින්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවස වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක මොවුන් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර විදුලි සැර වැදී සිටි අදාළ පුද්ගලයන් දෙදෙනා බේරාගැනීමට උත්සාහ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද විදුලි සැර වැදීමෙන් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


















































