
අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි 04කට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (23) නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සෑම නඩුවක් සඳහා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම නඩු ජනවාරි මස 26 වනදා කැඳවන ලෙසත් මහේස්ත්රාත්වරයා නියෝග කෙරිණි.
මේ අතර පොස්පේට් අපනයන කිරීම සඳහා අවශ්ය බලපත්ර දීම සඳහා පුද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයාගේ ඇප ඉල්ලීම අද දින ප්රතික්ෂේප කළ මහෙස්ත්රාත්වරයා සැකකරුවන් නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.


















































