
අන්තර්ජාල ව්යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 26 හැවිරිදි සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටෙලිග්රෑම් සමාජ මාධ්යය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු අන්තර්ජාල ව්යාපාර මගින් මුදල් උපයාගත හැකි බව පවසා රුපියල් 151,000ක මුදලක් සැකකරුගේ බැංකු ගිණුමට බැර කරවාගෙන වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
අදාළ සැකකරු විසින් ටෙලිග්රෑම් හරහා මෙම අන්තර්ජාල ව්යාපාර මඟින් එක්කෝටි තිස්පන්ලක්ෂ හත්දහස් දෙසිය විස්සක් කර මුදලක් ඉපැයිය හැකි බවට පවසා ඇති ඉන් රුපියල් 151,000ක මුදලක් සැකකරුගේ බැංකු ගිණුමට බැර කරවාගෙන ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන්ය.
ඒ අනුව, අදාළ වංචාවට සම්බන්ධ වීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සූරියවැව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































