header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කාවන්තිස්සට සාධාරණය ! ‍‍වෙඩි තැබූ බවට සැක පුද්ගලයාගේ බිරිඳගෙන් ආයාචනයක්
කාවන්තිස්සට සාධාරණය ! ‍‍වෙඩි තැබූ බවට සැක පුද්ගලයාගේ බිරිඳගෙන් ආයාචනයක්
Mobitel 1278

“වලානෙන් කියලා 15ක් විතර ආවා...ඒ ඇවිල්ලා කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා,ඔයා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා. මහත්තයා කිව්වා මම නොකරපු දෙයක් කවදාවත් පිළිගන්න බෑ කියලා. 

මමත් රජයේ සේවකයෙක් මගේ මහත්තයාත් රජයේ සේවකයෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා අපරාධකාරයෙක් කියලා සමාජ මාධ්‍යයේ පළවෙනවා. අපි හතරදෙනාට සමාජයට මූණදෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා මහත්තයෝ...මේක හරි අපරාධයක්.

මගේ මහත්තයා කවදාවත් එහෙම අපරාධයක් කරලා නෑ. අපි ලොකු වියදමක් දරලා අලි වැටක් ගහලා තියෙනවා. ඒ වගේ සත්තුන්ට අපි කවදාවත් එහෙම කරලා නෑ. මේක හරිම අසාධාරණයක්. 

අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා රජයෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ බලපත්‍රය තියෙන තුවක්කුව. ඒකත් අරන් ගියා.”

මෙම ආයාචනය සිදුකරනු ලබන්නේ, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ආදරණීය බිරිඳ විසිනි.

ඇය සඳහන් කර සිටින්නේ, කිසිදු වරදක් නොකර හිතුමතේ තම ස්වාමියාව පොලීසියෙන් රැගෙන ගිය බවත් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටුකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්ය.

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී, අත්අඩංගුවට ගෙන අධිකරණයේ හමුවට ඉදිරිපත් කළ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු සහ තවත් සැකකරුවෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහව මහෙස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනවිය ඊයේ (19) නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය අඹන්පොළ පොලීසියට තව දුරටත් නියෝග කරනු ලැබුවාය.

මෙසේ නියෝග කළේ, කාවන්තිස්ස නමින් ප්‍රචලිත දළ හස්තියා ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලීසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්ය.

අඹන්පොළ පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, කාවන්තිස්ස නමින් ප්‍රචලිත ඇතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලාන දූෂණ මධ්‍යම ප්‍රහාරක ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.

කාවන්තිස්ස ඇතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීට පෙර ගල්ගමුව වැඩබලන මහෙස්ත්‍රාත් චතුරිකා හතුරුසිංහ මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කරනු ලැබූවාය.

ඒ අනුව අධිකරණය ලබා දුන් නියෝගය මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙය වීම මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

කාවන්තිස්ස දළ ඇතා උස අඩි 11 අඟල් 3ක් සමන්විත වන අතර, ඔහුගේ දළ යුගළ අඩි 5යි අඟල් 1ක් දිග බවට වනජීවී දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ. කාවන්තිස්ස අතාගේ බර කිලෝ 5000ක් 5500ක් පමණ වේ.

සැකකරුවන් දෙදෙනා සමඟ ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 වර්ගයේ තුවක්කු දෙකක්ද අත්අඩංගුවට ගත් බවද අධිකරණයට කියා සිටි පොලීසිය, මෙම සිද්ධි සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද සඳහන් කළේය.

සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිටීද යන්න පිළිබඳව ආනාවරණය කර ගැනීමට විමර්ශන සිදුකරන බවද සඳහන් කළ පොලීසිය සැකකරුවන් දෙදෙනාම රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවෙන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥ උදය රාජපක්ෂ මහතා සඳහන් කළේ, සිය සේවාදායකයින් කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට පොලීසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බවය.

කිසිදු සාක්ෂියක් නොමැතිව යම්කිසි පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත නොවන බවද නීතිඥවරයා කීවේය.

පොලීසිය පවසන පරිදි සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් ගිනිඅවි දෙක මෙම සැකකරුවන් දෙදෙනාට අයත් බලපත්‍ර සහිත නීත්‍යානුකූල ගිනිඅවි බවද අවධාරණය කළ උදය රාජපක්ෂ මහතා, කාවන්තිස්ස ඇතා ඝාතනය වීම සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිවී තිබෙන කැලඹිලි සහගත තත්ත්වය සමනය කිරීම සඳහා පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා කිසිදු සාක්ෂියක් නොමැතිව නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බවටද චෝදනා කළේය.

තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥ උදය රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සිය සේවාදායකයින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසය.

මෙහිදී අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ලෝක සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතාගේ උපදෙස් මත අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සඳගිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය කරගෙන මෙම අපරාදේ සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව හෙළි කරගැනීමට පොලීසිය බැඳීසිටින බවය.

මෙම අපරාධය සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කැලඹීමක් ඇතිවී තිබෙනන බවද අවධාරණය කළ නීතීඥවරයා අවාසනාවන්ත ලෙස මියගිය කාවන්තිස්ස ඇතාට යුක්තිය ඉටුවීම පිණිස විධිමත් පරීක්‍ෂණයක අවශ්‍යතාවය දැඩිව පවතින බවද පැවසීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරීවරයෙක් සහ තවත් සැකකරුවෙකි. ඔවුන් ඇහැටුවැව හුලුගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

Lassana Flora
Spotlight
ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana