
මහනුවර - මාතලේ A 09 මාර්ගයේ, අකුරණ 07 කණුව, කුරුගොඩ හන්දියේදී අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති කුඩු පටවා ගත් බල්කර් රථය පෙරළී සිදුවු අනතුරින් මියගිය අයගේ අනන්යතාවය තහවුරු වී තිබේ.
අදාළ බල්කර් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ (19) උදෑසන කාලයේ දීය.
අනතුරින් පුද්ගලයින් දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් තුවාලකරුවන් 06 දෙනෙකු මේවන විට මහනුවර හා අකුරණ රෝහල්වලට ඇතළත් කර ප්රතිකාර ලබමින් සිටී.
මියගිය අය අතර 38 හැවිරිදි සහ 51 හැවිරිදි අලවතුගොඩ සහ අකුරණ ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර, 16 හැවිරිදි සහ 28 හැවිරිදි වයස්වල පසුවු මාතලේ සහ අකුරණ ප්රදේශයේ තරුණියන් දෙදෙනෙකු ද අනතුරින් ජීවිතක්ෂයට පත්වුණි.
මියගිය අය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර රෝහලේදී සිදුකර මෘත ශරීර මේ වනවිට ඥාතීන් වෙත භාරදී ඇත.
අනතුරට සම්බන්ධ වයස අවුරුදු 46ක් වන ගල්ගමුව ප්රදේශයේ පදිංචි ප්රයිමුවර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (20) මහනුවර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අලවතුගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



















































