
පිළියන්දල සුවරපොළ ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
මොරටුව හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීම සඳහා පැමිණි පිරිස විසින්ම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වේ.
මොරටුව හෝටල් හිමිකරුට වෙඩි තැබූ පිරිස මෝටර් රථයෙන් පලා යමින් සිටියදී කාර්මික දෝෂයක් සිදුව ඇත.
ඒ පිළියන්දල, සුවරපොළ ප්රදේශයේදී වන අතර එහිදී ඔවුන් අහසට වෙඩි තබා අසළ තිබූ මෝටර් සයිකලයක් රැගෙන පලා ගොස් ඇතැයිද සඳහන් වේ.
මෙම වෙඩික්කරුවන් මොරටුව සොයිසාපුර ප්රදේශයේ හෝටල් හිමිකරුවෙකුට අද (20) රාත්රී 8.20ට පමණ වෙඩි තබා තිබුණි.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.



















































