header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප හිමිවූ නඩුවේ සම්පූර්ණ කතාව
නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප හිමිවූ නඩුවේ සම්පූර්ණ කතාව
Mobitel 1278

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරකට අනුව එහි විමර්ශන නිලධාරීන් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි නිවසක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රී 12ට පමණය.

නිවසේ හිමිකරු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ තැනැත්තාය.

පැය 4කට ආසන්න කාලයක් සිදුකෙරුණු සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව නිවසේ තිබී සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගැණුනු අතර එහිදී සැකකරු සඳහන් කර තිබුණේ එහි ආරක්ෂිත මුර පදය අමතක බවය.

අනතුරුව පසුදින උදෑසන අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබාදුන් සැකකරු ඉන් පිටවගොස් තිබුණි.

කෙසේවෙතත් අල්ලස් කොමිසමේ දැනුම්දීමකට අනුව සැකකාර සංජය සමරසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකු ද සමඟ එම කොමිසම හමුවේ ඊයේ (19) පෙනීසිටි අතර ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔහු කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණි.

ඊයේ රාත්‍රීයේ කුරුඳුවත්ත පොලිසියේ රඳවා තැබුණු සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමීනී..ඉකුත් 16 වැනිදා මෙම සැකකරුගේ නිවස පරික්ෂාවේදී අල්මාරියක් තුළ තිබූ සේප්පුවක් හමුවුණා. එය විවෘත කරන ලෙස ඉල්ලීම් කළත් එහි "ආරක්ෂිත මුරපදය" තමන්ට මතක නැතැයි සැකකරු සඳහන් කළා. පසුව එහි නිෂ්පාදිත සමාගමේ තාක්ෂණ නිලධාරීන් ගෙන්වා එය විවෘත කළා. එහි තිබී රුපියල් 1,805,000/- මුදල්,  රුපියල් ලක්ෂ 08 ක් පමණ වටිනා "කාටියා" වර්ගයේ අත් ඔරලෝසුවක්, සහ රන් ආලේපිත යැයි සැලකෙන පා සලඹ අටක් සොයා ගැනුණා. සොයාගත් මුදල්වලින් රුපියල් ලක්ෂ පහළොවක් තමන්ගේ බවත්, ඉතිරිය මව්පියන්ගේ බවත් සැකකරු පැවසුවා. මීට වසර එක හමාරකට පමණ පෙර වාහනයක් විකිණීමෙන් එම මුදල් ලැබුණු බවත් ඔහු සඳහන් කළා. නමුත් ස්වාමිනි සැකකරු මුලින් ලබාදුන් ප්‍රකාශය සහ ඊයේ ප්‍රකාශය අතර පරස්පරතා නිරීක්ෂණය වීම නිසා ඔහු අත්අඩංගුවට ගත්තා."

ඒ අනුව 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ 72 (1) වගන්තිය ප්‍රකාරව විමර්ශන සිදුකරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.

"ස්වාමීනි... ඉකුත් 16 වැනිදා රාත්‍රී දහයට පමණ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පසුදා අලුයම 4.00 දක්වා මගේ සේවාදායකයාගේ මුළු නිවසම පරීක්ෂා කළා. එහිදී ඔවුන්ට හෙරොයින්, කොකෙන්, මැණික්, නීති විරෝධී ගිනි අවි වැනි කිසිවක් හමුවුණේ නෑ. අවසානයේදී අල්මාරියක් තුළ තිබූ කුඩා සේප්පුවක් සොයාගත්තා. ස්වාමීනි...එහි තිබී සොයාගත් මුදල් මගේ සේවාදායකයා වාහනයක් විකිණීමෙන් ලබාගත් මුදල්. ඉතිරි මුදල් ප්‍රමාණය ඔහුගේ පියාගේ. එම වාහනයට අදාළ ලේඛනත් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. එම මුදල් පිළිබඳව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේද සඳහන් කර තිබෙනවා. එබැවින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා."  

ඒ අනුව දෙපාර්ශ්වය මගින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ කරමින් පැමිණිල්ල දෙසැම්බර් 18 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

Lassana Flora
Spotlight
ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana