
අනුරාධපුර, මැදවච්චිය, රඹෑව ප්රදේශයේදී අකුණු සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (20) දහවල් 12.30ත් 1.00ත් අතර කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
රඹෑව, වැලියෝ හන්දිය ප්රදේශයේ පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි ඥාතීන් තිදෙනෙකු වර්ෂාව හේතුවෙන් ගසක් අසලට ගොස් සිටියදී අකුණු සැර වැදී තිබේ.
අනතුරින් තුවාල ලැබූ තිදෙනා රඹෑව ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් 61 හැවිරිදි සහ 26 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.



















































