
විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා දිවයිනේ කලාප 4ක් සඳහා අද (21) දිනයේත් විදුලිය කප්පාදු කරන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, පස්වරු 4.30ත් පස්වරු 9ත් අතර කාලය තුළදී එක් එක් කලාපයට පැයක කාලයක් බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවය.
ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම යෝජනා කළ විදුලි කප්පාදුව සඳහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය 19 වැනිදා අනුමැතිය ලබාදී තිබුණි.
මේ අතර විදුලිය පාවිච්චිකරන්නගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර් අතුල මහතා පැවසුවේ, පැයක කාලයක් විදුලිය කපන බව පැවසුවද ඇතැම් ප්රදේශවලට පැය 5කට අධික කාලයක් විදුලිය කැපීමට පියවර ගෙන ඇති බවය.





















































