
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (18) පැවැත්වෙන ශ්රී ලංකා - පාකිස්තාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශ්රී ලංකාවට ජයග්රහණය සඳහා ලකුණු 306ක ඉලක්කයක් හිමිවිය.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සල්මාන් අගා අගනා ශතකයක් (107) ලබාගනිමින් කණ්ඩායමේ ලකුණු සංඛ්යාව ඉහළ නැංවීමට දායක විය.
වේගවත් ඉනිමක් දියත් කළ ඔහු පන්දු 90කට පමණක් මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් සිය ශතකය වාර්තා කිරීමට සමත් විය.
මෙය සල්මාන් අගා එක්දින ජාත්යන්තර ක්රිකට් පිටියේදී රැස්කළ 4 වන ශතකය වන අතර, ශ්රී ලංකාවට එරෙහිව ඔහු වාර්තා කළ දෙවන එක්දින ශතකය ලෙසද සටහන් වේ.
ඔහුට අමතරව පාකිස්තාන ඉනිම ශක්තිමත් කිරීමට බාබර් අසාම් ලකුණු 45ක් රැස්කරමින් සහය දැක්වීය.
එමෙන්ම සිය පළමු එක්දින ජාත්යන්තර තරගයට ක්රීඩාකළ නවක ක්රීඩක සාද් බෙග් ද ලකුණු 39ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සාර්ථක දායකත්වයක් ලබාදුන්නේය.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වූ එශාන් මාලිංග ලකුණු 46කට කඩුලු 4ක් දවාගනිමින් ශ්රී ලංකා පන්දු යවන්නන් අතර වැඩි ගෞරව තමන් සතු කරගැනීමට සමත් විය.



















































