
දිවයිනේ ප්රදේශ කිහිපයකට හෙට (19) දින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය පවසයි.
අද (18) පස්වරු 4.00 ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට දින සඳහා පූර්ණ වශයෙන් වලංගු වේ.
ඒ අනුව, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව එම මධ්යස්ථානය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ අදාළ ප්රදේශවල ජනතාව සෞඛ්ය අංශවල උපදෙස් පිළිපදිමින් ප්රමාණවත් පරිදි ජලය පානය කිරීමට සහ අව්වට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටී.



















































