header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වන අලින්ට එල්ලවන තර්ජන සම්බන්ධව විමර්ශනයක් ඉල්ලා පොලිසියට පැමිණිල්ලක්

Mobitel 1278

කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලින්ට එල්ල වන තර්ජන පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙත පරිසර අමාත්‍යංශයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ කාවන්තිස්ස හස්තියාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයා වෙත අද දින (18) නිල වශයෙන් ඉල්ලීමක් සිදු කළ බවය.

කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට හමුවේ දැඩි කම්පනයක් මෙන්ම සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිමක වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ උපක්‍රම මඟින් වන සතුන් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට හා වනජීවී සංරක්ෂණයට එල්ල වන දැවැන්ත තර්ජනයක් වන බැවින්, මෙම සිදුවීම පිටුපස කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවතින්නේ ද යන්න අනාවරණය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව යොමු කරන ලද ඉල්ලීම මඟින් කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළුව මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහාත් මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පෙරදැරිව, ක්ෂණික විමර්ශනයක් මඟින් සත්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීම යන කරුණු පිළිබඳ මෙමගින් අවධාරණය කර ඇත.

මෙම සිදුවීමේ බරපතළකම සලකා බලා, අදාළ පරීක්ෂණ ඉතා කඩිනමින් අවසන් කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පරිසර අමාත්‍යාංශය නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසත් අදාළ පැමිණිල්ල මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විටත් වනඅලි ඇතුන් සහ වනසතුන්ට සිදු කරන හිරිහැර සහ ඝාතන පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඒකාබද්ධ මෙහෙයුම් සහ වැටලීම් මෙන් ම නෛතික ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද අදාළ පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්