
පාසල්වල අඩුපාඩු සහ ජීවන වියදමට එරෙහිව ප්රංශය පුරා පැවැත්වෙන විරෝධතා මේ වනවිට ප්රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වනවිට 550,000කට අධික පිරිසක් වීථි බැස විරෝධතා පවත්වන අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් 1,200කට අධික සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පැරිස් අගනුවර ඊයේ (18) සවස් වනවිට කැරලි මර්දන පොලිසිය හා විරෝධතාකරුවන්ට අතර සැලකිය ප්රමාණයකින් ගැටුම් ඇතිවී ඇති තර, ඒ හේතුවෙන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කිරීමටද එරට ආරක්ෂක අංශ පියවරගෙන ඇත.
අගනුවර ඇතුළු ප්රදේශවල ගොඩනැගිලි ගිනිබත් කර ඇති අතර, විරෝධතා අතරතුර නගර කිහිපයක ව්යාපාරික ස්ථාන කොල්ලකෑම් සිදුව තිබේ.
අගමැති සෙබස්තියන් ලෙකෝර්නු නිවේදනය කර ඇත්තේ නොසන්සුන්තාව අතරතුර පොලිස් නිලධාරීන් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.



















































