
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්රවාහන නෞකා දෙකක්, මුහුදු බෝම්බවල ගැටීමෙන් ගිනිගෙන ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
ඉරාන මාධ්ය වාර්තා කළේ, පළමු නෞකාව මුහුදු බෝම්බයක ගැටීමෙන් සිදු වූ පිපිරීමත් සමඟ දැවැන්ත ගින්නක් හටගෙන ඇති බවය.
එමෙන්ම දෙවන නෞකාව ද මුහුදු බෝම්බයක ගැටීමෙන් විශාල ගින්නකට හසු වී ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත්, අදාළ නෞකාවල නම් හෝ ඒවායේ ප්රවාහනය කළ බොරතෙල් කුමන රටකින් ගෙන ආවේ ද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම නෞකා දෙකෙහිම ස්ථානගත වීම හඳුනාගැනීමේ පද්ධති අක්රිය කර තිබූ අතර, ඉරානය විසින් අනුමත නොකළ මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කර ඇත.



















































