
ඉන්දියාවේ කොල්කටා නගරයේ උතුරු ප්රදේශයේ පැවති දුර්ගා පූජා උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, සෙනසුරාදා සවස චොරේබගන් සර්බෝජනින් දුර්ගා පූජා මණ්ඩපයේදී මෙම සිදුවීම වාර්තා වූ බවය.
විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිට ඇති අතර අධික ජනකාය සහ උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාව අතර කලබලකාරී තත්ත්වයක් ඇති වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, ජනතාවගේ තෙරපීම මධ්යයේ උත්සව මණ්ඩපයේ කොටසක් ද කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර සිටී.
කෙසේ වෙතත්, මෙම සිදුවීමට නිශ්චිතවම හේතු වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැත.



















































