
අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ඔක්තෝබර් 17 සිට 22 දක්වා කාලය තුළ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
මෙම සංචාරය ඔහුගේ ඉන්දියානු සහ උස්බෙකිස්තාන විදේශ සංචාරයේ එක් අදියරක් ලෙස සිදුවේ.
අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්ය නිවේදනයකට අනුව, මෙලෙස ඉන්දියාවට පැමිණීමට පෙර රූබියෝ උස්බෙකිස්තානය වෙත ගමන් කරනු ඇත. මෙය අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ මේ වසර තුළ ඉන්දියාවේ සිදුකරන දෙවන නිල සංචාරයද වෙයි.
ඉන්දීය සංචාරය අතරතුර, අමෙරිකා-ඉන්දීය උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම මෙන්ම වැඩිදියුණු කළ බලශක්ති සහයෝගීතාව සඳහා වන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහු ඉහළ පෙළේ ඉන්දීය රජයේ නිලධාරීන් හමුවීමටද නියමිත බව වාර්තා වෙයි.
මීට අමතරව, දෙරට අතර වාණිජ ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන නව අවස්ථා පිළිබඳව විමසා බැලීම සඳහා ඔහු ප්රමුඛ පෙළේ ව්යාපාරික නායකයන් ද හමුවීමට නියමිත බව ඉන්දීය මාධ්ය පවසයි.



















































