
සිරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
අද (14) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, බන්ධනාගාර නීති අනුව එවැන්නක් සිදුවීමේ හැකියාවක් නොමැති බවයි.
එහිදී මාධ්යවේදීන් නෑගූ ප්රශ්නයකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතා,
"ඒ චෝදනා සම්බන්ධයෙන් අපිට පැමිණිලි ලැබිලත් නෑ' අපි දන්නෙත් නෑ ....එහෙම වෙන්න විදියක් නෑ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීති රීති අනුව එහෙම වෙන්න විදියක් නෑ.."



















































