
හෝමාගම පොලිස් වසමේ මාවත්ගම ප්රදේශයේදී අන්තජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පළකර දෙන බවට පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (14) රාත්රීයේදී මධ්යම අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විර්මශනයකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 21ක මාවතගම, හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු පුද්ගලයින් හට මුහුණු පොතේ ව්යාපාරික ගිණුමක් මගින් වාහන විකුණා දෙන බවත්, ඒ සඳහා සතියකට රුපියල් 5,000ක්ද, සති දෙකකට රුපියල් 10,000ක්ද, මාසයකට රුපියල් 15,000ක් ලෙස මුදල් ගෙන වාහන විකුණා දෙන බවට ජංගම දුරකථනයෙන් පවසා ඇත.
ඉන් පසු මුදල් ලබාගෙන දැන්වීම් පල නොකර පුද්ගලයින්ගෙන් මුදල් වංචා කරමින් සාපරාධී සාවද්ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම හා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් චංවා කිරීම යන වැරදි සිදුකර ඇති බවට විර්මශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම අපරාධ විර්මශන කාර්යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.



















































