
ප්‍රංශ සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් වෙළෙඳසැල් සිය ගණනකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඒවායේ ශීතකරණ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස උණුසුම ඉහළයාමෙන් එහි තිබූ යුරෝ මිලියන ගණනක් වටිනා ශීත කළ ආහාර විනාශ වී ඇති බවයි වාර්තා වෙයි.
මෙහිදී හැකර්වරු ශීතකරණවල උණුසුම නියාමනය කරන මෘදුකාංගය හැක් කර සිදුකළ මේ ප්‍රහාරය ගෝලීය ආහාර සුරක්ෂිතතාව දැඩි අර්බුදයක් කරා ගෙන ගිය බරපතළ සිදුවීමක් බව විශේෂඥයින් පෙන්වා දෙයි.



















































