
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
තව ද එම කාලයේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිලි පහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබුණි.




















































