
මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කර තිබේ.
අද (12) කොළඹ පැවැති සමුළුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරැකීමේ ජාතික මහා සමුළුව අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කළ මේ සඳහා මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව රැසක් එක්වුණි.
එහිදී අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා,
“ඥානසාර හාමුදුරුවන්ට දීලා තියෙන දඬුවම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධීයි. මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ සභාපතිවෙන ප්‍රීති පද්මන් සූරසේනට ලියුමක් ලියලා කියනවා මගේ උසාවියේ මේ වගේ වැඩක් වුණා. මට දෙන්න හැකි දඬුවම් බලය අඩුහින්දා බරපතළ දඬුවමක් දෙන්න ඔබතුමාගේ උසාවියට මං ඉදිරිපත් කරනවා. ඔන්න ඔතන තමයි මේකේ ගැටය තියෙන්නේ දැන් මේකේ නීතිමය තත්ත්වය මොකක්ද? උසාවියට අපහාස කිරීම දඬුවම් තියෙනවා එතන මාස 18යි දෙන්න පුළුවන් දැන් මෙතන ප්‍රීති පද්මන් සූරසේන දීලා තියෙනවා අවුරුදු 6ක් නීතියෙන් තියෙන්නේ මාස 18යි. ඒ අභියාචනාධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පමණයි. ”



















































