
ආර්ථික වර්ධනය සඳහා නව එකඟතාවකට යා යුතු නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව වැඩසටහනකට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹදී අද (12) පැවති ''ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026'' අමතමින් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය යටතේ තබාගනිමින් කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් පත්කර එහි කොටස් පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට රජය සැලසුම් කර ඇති බවයි.
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
"අපි දැනට රේටින්ස්වලින් උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් තවත් පියවරක් අපි ඉදිරියට යන්න ඕනි. අපේ විදෙස් සංචිත ප්‍රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟාවිය යුතුව තිබෙනවා. මේ සාධක පරිපූර්ණ කරගන්න පුළුවන්නම් අපිට යා හැකියි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පළවෙනි විස්තීර්ණ ණය වැඩසටහන ඒ අවුරුදු 4 ඉලක්කය වුණේ අපේ ස්ථාවරභාවය ළගාකර ගන්න එක. මම හිතන්නේ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවරභාවය ළගා කරගෙන තියෙනවා සෑම අතින්ම. දැන් අපි ඊළඟ සැලසුම වෙන්නේ මේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් කොහොමද අපි වර්ධනය අත්පත් කර ගන්නේ.ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්තියි"



















































