
ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව - 2026ට එක්වෙමිනි.
පෞද්ගලික අංශ විසින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම සහ අසීමිත ලාභ ලැබීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු අවධාරණය කළේය.
ඒ අනුව පෞද්ගලික ඉන්ධන හල් පමණක් ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ස්ථානවල අදාළ විවෘත කිරීම් සිදු කිරීම කඩිනම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියාසිටියේය.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය කාර්තුවේදී රුපියල් බිලියන 28ක ලාභයක් ලබා ඇති අතර ඔවුන් එය කැප කරමින් ජනතාවට ඉන්ධන බෙදාහැරීමට කැමැත්ත පළ කර තිබේ.
කෙසේවෙතත් පෞද්ගලික සමාගම අදාළ ලාභය කැප කිරීමට සූදානම් නොමැති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.



















































