
ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් සෞදි අරාබියේ දම්මාම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (12) ක්‍රියාත්මක වීමට නියමිත ගුවන් ගමන අවලංගු කර තිබේ.
අප කළ විමසීමකදී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
හෙට (13) දිනයේ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමක් සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.























































