
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ යුක්‍රේනයේ සැපෝරිෂියා නගරය ඉලක්ක කරමින් රුසියාව විසින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවය.
ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් 15 දෙනා අතරට ළමුන් තිදෙනෙකු අයත් බවත් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ රුසියානු ඩීසල් එක්සත් ජනපදයට ආනයනය කිරීමේ ගිවිසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාව සමග ඇති කරගෙන ඇති මෙම ඩීසල් ගනුදෙනු සම්බන්ධව යුක්‍රේනය දැඩි ලෙස විවේචනය කර ඇති අතර යුක්‍රේනය මේ සම්බන්ධව චෝදනා කර ඇත්තේ අදාළ ගනුදෙනුව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රුසියාවට ලබා දුන් තෑග්ගක් වන බවය.





















































