header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම ගැන අධිකරණයේත් සංවාද
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම ගැන අධිකරණයේත් සංවාද
Mobitel 1278

සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදත් (7) නඩු කටයුත්තක් සඳහා සිරකරු ඇඳුමින් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

උන් වහන්සේට හිමි වී තිබූ ජනපති සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසු අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් පැනවී තිබූ 6 වසරක සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ අනුව සිර දඬුවම් නියම කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය වෙනුවට සිරකරු ඇඳුමින් යුතුව ඊයේ (6) නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මෙවන් පසුබිමක ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුවක් අද යළි කැඳවූ අතර, ඒ සඳහාද උන් වහන්සේ  එලෙසින්ම අධිකරණයට රැගෙන එනු ලැබීය.

ඥානසාර හිමියන් අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රිධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමිද අද අධිකරණයට වැඩ කර සිටියේය.

නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කියා සිටියේ, ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබූ මාස 9ක සිරදඬුවමට එරෙහිව උන්වහන්සේ මහාධිකරණයට කරන ලද අභියාචනයේ තීන්දුව මේ වනවිට ලැබී ඇති බැවින් එය විවෘත අධිකරණයේ කියවා දෙන බවය.

"විත්තිකරුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී ඇති තීන්දුවට මහාධිකරණය මැදිහත්වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එබැවින් අතිරේක මහේස්ත්‍රාත්වරයා 2025.01.09 දින ලබාදී ඇති තීන්දුව සහ දණ්ඩනය මහාධිකරණය විසින් ස්ථිරකර විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කරනවා".

අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයට කරුණු දැක්වීය.

"ස්වාමිනි, මේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රිධර්ම මහා සංඝසභාවට අයත් භික්ෂුවක් ලෙස භික්ෂූත්වය ලබලා මේ වෙද්දි වසර 37ක් ගතවෙලා තිබෙනවා.

ඉන් වසර 31ක් උපසම්පදා වූ රටේම පිළිගත් හිමිනමක් ලෙසයි සිට ඇත්තේ. මීට පෙර ස්වාමින් වහන්සේ අධිකරණයේ පෙනී සිටි සෑම අවස්ථාවකම සිවුර පළදවගෙනයි අධිකරණයේ පෙනී සිටියේ. නමුත් මේ වෙද්දි කිසිම අවසරයකින් තොරව ස්වාමින් වහන්සේගේ චීවරය ඉවත්කර තිබෙනවා".

ජනාධිපති නීතිඥවරයා එම කරුණු දැක්වීම සිදුකරමින් සිටියදී අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ පැවසීය. 

"ජනාධිපති නීතිඥතුමා අද මේ නඩුව කැඳවීම සිදුවන්නේ මහාධිකරණ තීන්දු ප්‍රකාශය කියවාදීම සඳහා පමණයි. වෙනත් කිසිදු කරුණක් අදාළ නැහැ. මොකක්ද ඔබගේ ඉල්ලීම? "

එවිට ජනාධිපති නීතිඥවරයා මෙසේ සඳහන් කළේය. 

"ස්වාමිනි, මේ ඥානසාර ස්වාමින් වහන්සේගේ චීවරය ඉවත් කිරීම මුළු මහත් බුද්ධ ශාසනයටම කරපු නිගාවක්. 1815 උඩරට ගිවිසුමේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ පවා මේ රටේ බුද්ධ ශාසනය රකින්න පොරොන්දු වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා බුද්ධ ශාසනය ආරක්ෂා කළයුතු බව සඳහන්කර තිබෙනවා. එහෙම තත්ත්වයක බන්ධනාගාර නිලධාරින් ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් මේ අන්දමින් ක්‍රියාකිරීම මුළු මහත් බුද්ධ ශාසනයටම පිළිගත නොහැකි තත්ත්වයක්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමෙන් ලබාදී තිබූ ආරක්ෂාව පවා මෑතකදී ඉවත්කර තිබෙනවා. සංඝ සභාවේ තීරණයක් මත බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුමැතියක් ඇතුව මිස භික්ෂුවකගේ සිවුර ඉවත්කරන්න කාටවත් බැහැ.

මොකද මේ ස්වාමින් වහන්සේ පරාජිකා වී නැහැ. පරාජිකා වෙන වැරදි කරලත් නැහැ. එවැනි තත්ත්වක මේ ඥානසාර ස්වාමින් වහන්සේ සිවුර රහිතව ඉදිරිපත් කිරීම ඉතාම අශිෂ්ටයි, අශෝභනයි.

එබැවින් බන්ධනාගාරය තුළදී සහ පිටතදී උන්වහන්සේට සුදුසු ආරක්ෂාවක් ලබාදීමටත්, ඖෂධ සහ සුදුසු ප්‍රතිකාර ලබාදෙන්නත් කියා සුදුසු නියෝගයක් නිකුත් කරන්න."

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝගය ප්‍රකාශයට පත් කළේය.

"මේ විත්තිකරු මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත්කර ඇති බැවින් එම අභියාචනය සලකා බැලෙන දිනයට පසුදින දක්වා මේ නඩුව කල් තබනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අනෙකුත් ඉල්ලීම් මේ වනවිට විත්තිකරුට සිරදඬුවම් නියම වී ඇති අධිකරණය හමුවේ සිදුකරන්න".

ඒ අනුව ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නීති කෘත්‍යය ලබන වසරේ ජනවාරි 25 වනදා දක්වා කල් තැබීය.

ඥානසාර හිමි අද අධිකරණයට රැගෙන එන අවස්ථාවේ අධිකරණය ඉරිපිටට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමි, පුජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ රැසක් වැඩම කර සිටියහ. ඒ ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට විරෝධය දැක්වීමටය.

මෙහිදී භික්ෂූන් වහන්නේ අධිකරණය තුළට යෑමට පොලිස් නිලධාරින්ගෙන් අවසර ඉල්ලා සිටියද අවසර හිමිවූයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමිට පමණය.

ඉන් පසු නීතිඥවරු පැමිණ සෙසු භික්ෂූන් වහන්සේටද අධිකරණය තුළට යෑමට අවස්ථාව හිමිකර දුන්හ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්