
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රොහිත බෝගොල්ලාගම මහතාව අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ෙඒ කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා නිකුත් කළ නියෝගයකට අනුවය.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාව අල්ලස් කොමිසම විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවය.





















































