
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත.
ප්‍රදීප් කාරියවසම් මහතාව අද (07) පෙ.ව.9.50 ට පමණ කොළඹ 08, ලේඩ්‍රයිව්හි පිහිටි නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විර්මශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ලෙසට බැංකුව සතුව පැවති රජයේ මුදල් නිසි ක්‍රමවේදයෙන් බැහැරව රු.10,000,000ක (රුපියල් මිලියන 10) මුදලක් සිරිලිය සවිය සංවිධානය වෙතලබා දීම තුළින් දූෂණය නැමැති වරද සිදු කීරීමේ චෝදනාව මත ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතාව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.





















































