
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 570කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, කල්පිටිය ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම මඟිනි.
එම වෙරළ ප්‍රදේශයෙහී තිබූ සැකකටයුතු උර 15ක් පරීක්‍ෂාවට ලක් කළ අතර එහිදී මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.
තවද, මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.





















































