header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර ඩිජිටල් ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර ඩිජිටල් ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියා ජනරජය අතර ඩිජිටල් ආර්ථික, තාක්ෂණික සහ රාජ්‍ය පරිවර්තන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ලිතුවේනියා ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විද්මන්තාස් වර්බික්ස් මහතා ඇතුළු ඉහළ පෙළේ  නියෝජිත පිරිසක් අතර ඊයේ (05) පස්වරුවේ කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දීය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා, ලිතුවේනියාව වසර ගණනාවක් පුරා අත්පත් කරගෙන ඇති සුවිශේෂී ඩිජිටල් පරිවර්තනය අගය කළ අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම හරහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඩිජිටල් ආර්ථික අගයක් ළඟාකර ගැනීමේ ජාතික ඉලක්කය සඳහා මූල්‍ය තාක්ෂණය සහ නව්‍ය ව්‍යවසායකත්වය ප්‍රධාන පදනමක් ලෙස ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ලිතුවේනියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් සැලසුම ඉතා ප්‍රශංසනීය එකක් බවත්, දෙරට අතර දැනුම, කුසලතා සහ බදු ප්‍රතිපත්තිමය පළපුරුද්ද හුවමාරු කරගනිමින් කලාපීය ප්‍රවේශයන් ලෙස ක්‍රියාකිරීමේ විශාල හැකියාවක් පවතින බවත්ය.

එමෙන්ම 2027 වසරේ විල්නියස් හි පැවැත්වීමට නියමිත, කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂණය සහ රාජ්‍ය තාක්ෂණ පිළිබඳ අවධානය යොමුකෙරෙන ගෝලීය ඩිජිටල් තාක්ෂණික සමුළුව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් ආරාධනා කළේය.

රාජ්‍ය අංශයේ පාරදෘශ්‍යභාවය උදෙසා ලිතුවේනියාව ක්‍රියාත්මක කරන විවෘත රාජ්‍ය දත්ත පද්ධතිය පිළිබඳවද, යුරෝ බිලියන 16.4ක වටිනාකමකින් යුතු ලිතුවේනියාවේ සාර්ථක නව්‍ය ව්‍යාපාර පද්ධතිය සහ සම්ප්‍රදායික රාජ්‍ය ප්‍රසම්පාදන බාධාවන්ගෙන් තොරව රාජ්‍ය අංශයේ ගැටලුවලට පෞද්ගලික අංශයේ තාක්ෂණික විසඳුම් ලබාදෙන, ගෝලීය වශයෙන් ඇගයීමට ලක්වූ ලිතුවේනියානු 'GovTech Lab' ආකෘතිය පිළිබඳව ද මෙහිදී කරුණු විස්තර කළහ.

මෙරට රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම උදෙසා මෙරට AI පුහුණු මධ්‍යස්ථානයක් සහ දත්ත මධ්‍යස්ථානය ශක්තිමත් කිරීමේ වත්මන් ප්‍රමුඛතාවයන්ට අනුකූලව, ලිතුවේනියානු GovTech Lab ආකෘතියේ තාක්ෂණික සහාය ලබාගැනීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.

2027 වසර වන විට ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් හැඳුනුම්පත ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සහ ඒ සඳහා විවෘත මූලාශ්‍ර ඩිජිටල් පොදු යටිතල පහසුකම් භාවිත කිරීමේ සූදානම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ අතර, ලිතුවේනියාවේ ජාතික eID පද්ධතිය ස්ථාපිත කිරීමේදී දත්ත ගබඩා කිරීම සහ පාලනය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් ද මෙහිදී සාකච්ඡා විය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධි භාවිතය සහ 5G සන්නිවේදන යටිතල පහසුකම් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර, ශ්‍රී ලංකාව මේ වන විට 96%ක ප්‍රදේශ ආවරණයක් සහිතව 5G තාක්ෂණය ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී මූල්‍ය තාක්ෂණ නියාමන රාමූන්, විද්‍යුත් මුදල් ආයතන බලපත්‍ර ක්‍රමවේද සහ 5G පෞද්ගලික රාමූන් සම්බන්ධයෙන් ලිතුවේනියානු සන්නිවේදන නියාමන අධිකාරිය සමඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමටත්, දෙරට අතර සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් මෙහිදී එකඟ විය.

මෙම සාකච්ඡාව සඳහා ලිතුවේනියානු පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු තානාපතිනි Diana Mickevičienė, නියෝජ්‍ය තානාපති Lukas Kisielius සහ ලිතුවේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ Kristina Bikauskaitė යන මහත්ම මහත්මීන් එක්ව සිටි අතර, ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන සහ ප්‍රතිපත්ති) ජනක ගීකියනගේ, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශක සුමුදු රත්නායක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්