
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයට මුහුණ දුන් පවලු වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සහ ලක්ෂ 50ක මුදලක් ලබා දීමේ වැඩසටහනක් හෙට (07) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව නිවාස අහිමි වූ පවුල් 237කට අදාළව නව නිවාස 237ක් ඉදි කිරීම සහ අධි අවධානම් තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයින් වෙත රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමේ වැඩසටහන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් රජය විසින් ලබා දීමට කටයුතු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය පැවසුවේ නිවාස සඳහා රජයට අයත් ඉඩම්වල මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරන බවත් ඒ අනුව කන්දේකැටිය, සොරණාතොට, හාලිඇල, බදුල්ල, පස්සර සහ මීගහකිවුල ඇතුළු ප්‍රදේශවල නිවාස 237ක් හෙට දිනයේ ආරම්භ වීමට නියමිතව ඇති බවය.
ඒ අනුව කන්දේකැටිය, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී නිවාස 68ක් සඳහා හෙට දිනයේදී මුල්ගල් තැබීමට නියමිත අතර හාලිඇල, බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස 123ක් සඳහා අනිද්දා (08) දිනත් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් නිවාස 46ක් සඳහා ඔක්තෝබර් 09 වැනි දිනත් මුල්ගල් තැබීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශය මෙන්ම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මෙම නිවාස ඉදිකිරිම සම්බන්ධයෙන් සක්‍රිය දායකත්වය සපයන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.





















































