header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මේ මාසය අවසන් වනතුරු ඉන්ධන මිලේ වැඩිවීමක් නැහැ - තෙල් සංස්ථාව
මේ මාසය අවසන් වනතුරු ඉන්ධන මිලේ වැඩිවීමක් නැහැ -  තෙල් සංස්ථාව
Mobitel 1278

මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යාමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාස තුන තුළ විශාල ගැටලුවක් ඇති නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි.

වෙනත් ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ 62ක් පමණ මීට සති තුනකට පෙර හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රදේශවලට වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණ ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇතිවීමට හේතුවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල වී පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඩී.ජේ. රාජකරුණා මහතා පැවසීය.

වෙනත් සමාගම්වල පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් හෝ පෝලිම් පවතින්නේ නම්, ආසන්නතම ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල වෙත යන ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.

මේ අතර, ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඉන්ධන තොග සම්බන්ධයෙන් සෑම සතියකම අඟහරුවාදා සමාලෝචනයක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

එම සමාලෝචනයේදී තවත් ඉන්ධන නෞකා දෙකක් කඩිනමින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, මෙම මාසයට අවශ්‍ය ප්‍රමාණයට අමතරව වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන්වීමටද පියවර ගෙන ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

"ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැර අනෙකුත් සමාගම් තෙල් නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් යම් යම් ප්‍රදේශවල තෙල් හිඟයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ස්ථාන අපි මීට සති තුනකට පමණ පෙර හඳුනාගත්තා.

ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති සමහර ප්‍රදේශ තියෙනවා. එම ප්‍රදේශවලට තෙල් නිකුත් කිරීම අඩු වුණාම යම් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. ඒ හින්දා ඇති කරගත් එකඟතාව අනුව, නිකුත් කරන තෙල් ප්‍රමාණයෙන් ප්‍රමුඛතාවය එම ප්‍රදේශවලට ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටියා.

එවැනි ස්ථාන 62ක් අපි හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශවලට වැඩිපුර තෙල් නිකුත් කිරීමට අනෙකුත් සමාගම් එකඟ වී තිබෙනවා. ඒ හින්දා රටේ තෙල් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුවක් නැහැ.

ජනතාවට අපි ආයාචනා කරන්නේ, කවුරුත් කියන දේකට කලබල වෙලා නිකරුණේ පෝලිම්වලට යන්න එපා කියලයි. යම් ගැටලුවක් තිබෙනවා නම් අනෙක් සමාගම්වල පිරවුම්හල්වල තෙල් අඩු විය හැකියි. එවැනි පෝලිමක් තිබෙනවා නම් ළඟම තියෙන ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හලට යන්න. එම පිරවුම්හල්වල තෙල් තියෙනවා.

මේ මාසයේ අවසානය වනතුරු තෙල් මිල වැඩිවීමක් සිදුවෙන්නේ නැහැ. බොහෝවිට මේ මාස තුනේම ලොකු ගැටලුවක් ඇති නොවුණොත්, මේ තත්ත්වය මේ ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව අපිට තියෙනවා.

තෙල් සංස්ථාව හැටියට තෙල් සංචිතවල කිසිදු ගැටලුවක් නැහැ. අනෙක් සමාගම් තෙල් නිකුත් කිරීම අඩු කරනවාත් එක්ක, ඔක්තෝබර් මාසයට සමහර සමාගම් තෙල් ගේන්නේ නැහැ. මොකද ගේන්න අවශ්‍යතාවක් නැහැ. ඒ අය තෙල් නිකුත් කිරීම අඩු කරලා තියෙන නිසා, ඒ අයගේ ගිණුම්වල තෙල් තියෙනවා.

ඒ හින්දා ඛනිජ තෙල් සංස්ථාව හැටියට අපි සෑම සතියකම අඟහරුවාදා තෙල් තොග සම්බන්ධයෙන් සමාලෝචනයක් කරනවා. ඒ සමාලෝචනයේදී අපි තවත් නැව් දෙකක් ඉක්මන් කරලා තියෙනවා. ඒ අනුව මේ මාසයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුරත් තෙල් ගෙන්වනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්