
2027 වර්ෂයේ පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ ( පළමු අදියර) ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, 1, 2 සහ 6 ශ්‍රේණිවල මොඩියුල ඇතුළුව පෙළපොත්/මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිතය.
ඒ සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ලංසු 31ක් ඉදිරිපත් වී තිබේ.
ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත, එම මුද්‍රණ කටයුතු මුද්‍රණාල 21ක් වෙත රුපියල් මිලියන 1,614.69ක මුදලකට පැවරීමට අනුමැතිය ලබාදී ඇත.
එම මුදලට එකතු කළ අගය මත බදු ඇතුළත් නොවන බව අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.





















































