
2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් උපරිම හෙක්ටයාර 2ක් සඳහා මෙම සහනාධාරය ලබාදීමට නියමිතය.
2026/27 මහ කන්නය සඳහා පොහොර මූල්‍ය සහනාධාරය වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 16කි.
වී වගාවට අමතරව, කන්න රැස්වීම්වලදී තීරණය කරන සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහාද මෙම සහනාධාරය ලබාදීමට නියමිතය.





















































