
ප්‍රසිද්ධ නවකතාකරුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෙෆ්රි ආචර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 86 වන වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දශක පහකට අධික ලේඛන ජීවිතය තුළ ඔහුගේ පොත් පිටපත් මිලියන 300කට වඩා අලෙවි වී ඇති අතර, 'Kane and Abel' සහ 'Clifton Chronicles' ආදී කෘති ඒ අතරින් වඩාත් ජනප්‍රිය විය.
1940 දී ලන්ඩනයේ උපත ලැබූ ආචර්, 1969 වසරේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.
පසුව ඔහු එම පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
1987 දී 'Daily Star' පුවත්පතට එරෙහිව පැවැති නඩුවකදී අධිකරණය නොමඟ යැවීමේ චෝදනාවට වරදකරු වූ ඔහුට, 2001 වසරේදී වසර හතරක සිරදඬුවමක් නියම විය.
2003 දී සිරදඬුවමින් නිදහස ලැබූ ඔහු, පසුව සාමි මණ්ඩලයේ කටයුතුවලට එක්වූ අතර 2024 වසරේදී ඉන් විශ්‍රාම ලැබීය.
ඔහුගේ අවසන් නවකතාව වන 'Adam and Eve' මෙම සතියේ නිකුත් වීමට නියමිතව තිබුණි.
අභාවප්‍රාප්ත වීමට පෙර ඉරිදා දිනයේදී පවා ඔහු ලන්ඩනයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් සිය පාඨකයින් උදෙසා ග්‍රන්ථ අත්සන් කිරීමේ කටයුතුවල නිරතව සිටි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.





















































