
අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකර තිබේ.
ට්‍රම්ප් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කරනු ලබන්නේ, රුසියානු තෙල් පිරිපහදු කම්හල් වෙත යුක්‍රේනය එල්ල කරන ප්‍රහාර සහ අමෙරිකාවේ ඇතැම් පිරිපහදු කම්හල් වසා දැමීම බවය.
ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින්, වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමට පිරිපහදු කිරීමේ ධාරිතාව සම්බන්ධ ගැටලු වැඩි බලපෑමක් සිදුකරන බවය.





















































