
පාසලට ඇතුළත් වී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දිර්ඝ කාලයක් පාසල් නොගොස් මඟහැර සිටි දරුවන් 30කට වැඩි පිරිසක් නැවත පාසල් වෙත ඇතුළත් කර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව අද (05) දිනයේ දී මෙම දරුවන් සිංහල, හින්දු සහ මුස්ලිම් පාසල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
අදාළ පාසල් බලධාරීන් සමඟ සාකච්ඡා කර එම දරුවන්ගේ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු, පොලීසියේ මැදිහත් වීමෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙමින් ඔවුන් යළි පන්ති කාමර වෙත යොමු කර ඇත.
සාධාරණ හේතුවක් නොමැතිව තම දරුවන් පාසලට නොයවන දෙමාපියන්ට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය දැඩි ලෙස අනතුරු අඟවා සිටියි.
මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, අදාළ පාසල් හරහා මෙම දරුවන් පිළිබඳ දෛනික තොරතුරු ලබා ගනිමින් විශේෂ අධීක්ෂණ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
පොලීසිය ගත් මෙම ප්‍රශංසනීය පියවර හේතුවෙන් අහිමි වන්නට ගිය දරුවන් රැසකගේ අනාගතය යළි එළිය කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.





















































