
මීගොඩ, ලෙනගල ප්‍රදේශයේදී මත්කරල් 4,720ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව සහ ගොතටුව ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 25, 29 සහ 32 පසුවන පුද්ගලයින් තිදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.





















































