
මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අද (02) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳව අල්ලස් ලබා දීමට පෙළඹවීම සම්බන්ධයෙන් වන සිද්ධියකට බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරයා අද (02) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.





















































