
තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමක් පිළිබඳ 1996 වසරේදී මරණ දණ්ඩනයට නියම වූ අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ ක්‍රිස්ටා පයික් නම් කාන්තාව අද (01) විෂ එන්නත් විද මරණ දඬුවමට ලක්කිරීමට නියම වී තිබුණි.
ඒ, එම දඬුවම වළක්වමින් පහළ අධිකරණයක් ලබා දී තිබූ අත්හිටුවීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කිරීමත් සමඟිනි.
කෙසේ නමුත් විෂ එන්නත් දෙකක් ලබාදීමෙන් අනතුරුවත් 50 හැවිරිදි පයික් තවදුරටත් ජීවතුන් අතර සිටීම හේතුවෙන් ඇය රෝහල්ගත කිරීමට බලධාරීන්ට සිදුවුණි.
ටෙනිසි ප්‍රාන්තය තුළ මෙලෙස කාන්තාවක් මරණ දඬුවමට ලක්කිරීමට කටයුතු කෙරුණේ වසර 200කින් පසුවයි.





















































