
විදේශිකයින් සඳහා වන ස්ථිර පදිංචි බලපත්‍ර ගාස්තුව 20 ගුණයකින් ඉහළ දැමීමට ජපානය පියවර ගෙන තිබේ.
අද (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රට තුළ ඉහළ යන විදේශීය ජනගහනය කළමනාකරණය කිරීමේ අරමුණින් ජපාන රජය විසින් හඳුන්වා දී ඇති ආගමන ප්‍රතිපත්තිවල සිදුකර ඇති සංශෝධන යටතේ මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව, විදේශිකයින් සඳහාවන ස්ථිර බලපත්‍ර ගාස්තුවෙන් 10,000 සිට ලක්ෂ 2ක් දක්වා ඉහළ දමා ඇති බව ජපාන රජය නිවේදනය කර ඇත.
එමෙන්ම ස්ථිර පදිංචිය අපේක්ෂා කරන්නන් ජපාන භාෂා දැනුම ඇතුළ තවත් අත්‍යවශ්‍ය කරුණු රැසක් සපුරාලිය යුතු වන බවද විදෙස් වාර්තාහි වැඩිදුර සඳහන් වෙයි.





















































