header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
නාමල් යළි ඇතුළට යැවූ නඩුවල සම්පූර්ණ විස්තරේ
නාමල් යළි ඇතුළට යැවූ නඩුවල සම්පූර්ණ විස්තරේ
Mobitel 1278

ඉන්දියාව තුළ අශුද්ධ ලෙස ඉපයූ මුදල් මෙරට තුළ ප්‍රශ්නගතව ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදවා ඇති බව ඉන්දීය රජයෙන් මෙරටට දැනුම්දීමක් කර ඇති බව අල්ලස් කොමිසම අද (29) අධිකරණයට දැනුම් දී ඇත.

ඒ ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක් තුටු පඬුරු ලෙස ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව ක්‍රිෂ් නඩුවට අදාළව ඔක්තෝබර් 06 වැනිදා දක්වාත්, එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 වැනිදා දක්වාත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 2ක  සමස්ත මුදලින් රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් තමන්ට ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.

එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරුන් සිදුකර තිබූ ලිඛිත ඇප අයැදුම සම්බන්ධයෙන් වූ නියෝගය ප්‍රකාශ්‍යට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සඳහන් කළේ සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීමක් සිදුවී නොමැති බැවින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බවය.

අනතුරුව වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඔහු පැවසුවේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අල්ලස් පනත යටතේ සිදුකළ විමර්ශනයත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයත් මේ වනවිට අවසන් බැවින් අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ එකම අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතිපති බලාපොරොත්තුවන බවය.

අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විමර්ශන අවසන් බවට පැමිණිල්ල සිදුකළ කරුණු දැක්වීම, සුවිශේෂි කරුණක් ලෙස දක්වා සිය සේවාදායකයා වෙනුවෙන් ලිඛිතව නව ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඊට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.

" විමර්ශන අවසන් අදියරේ තිබෙන්නේ කියන එක ඔබතුමා පසුගිය ඇප අයැදුමේදීත් සුවිශේෂි කරුණක් ලෙස ඉදිරිපත් කළා. අද දින ප්‍රකාශයට පත්කළ නියෝගයේ මම ඒ සම්බන්ධයෙනුත් කරුණු පැහැදිලිකර තිබෙනවා. එය කියවලා බලා අවශ්‍යනම් යළි නව ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන්න. ඇප අයැදීම ඔබේ අයිතිය. නමුත් ප්‍රායෝගිකව සෑම නඩුවාරයකදීම ඇප අයැදුම් සිදුකරනවිට ඊට අදාළව නියෝග ලිවීමට අපහසුයි."

මේ අතර එයාර්බස් අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව අවසානයේ ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගත්තේයැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ මහත්මිය වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළාය.

" ස්වාමිනි මේ ප්‍රශ්නගත සිදුවීමේදී නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය නැමැති භූමිය Krrish Transworks Colombo (pvt) ltd සමාගමට කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා තුටු පඬුරක් ලෙස මේ සැකකාර නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන තිබෙනවා. මොහුගේ දැනුම සහ එකඟත්වය මත ක්‍රියාකළ නිමල් පෙරේරා හරහා තමයි එය ලබාගෙන තිබෙන්නේ. මුදල් ලැබුණාද යන්න මොහු විසින්ම පරික්ෂා කිරීමකුත් සිදුකර තිබෙනවා. මේ ක්‍රියාවලියේදී රාජ්‍ය ආයතන අසාමාන්‍ය වේගයකින් කටයුතුකර ඇති බව පෙනෙන්නට තිබෙනවා. ආයෝජන මණ්ඩලය ඊට අදාළ ලේඛන දිනක් තුළ අනුමතකර තිබෙනවා. අදාළ භූමියේ මහබැංකුව මිලියන 150ක ආයෝජනයක් සිදුකර තිබියදී එයත් නොතකා තමයි නාගරික සංවර්ධන අධිකාරියට මේ ඉඩම ලබාදී තිබෙන්නේ. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන ඒකාබද්ධ විමර්ශනයට අදාළව ඉන්දීය රජයෙන් එවන ලද MLA දැනුම්දීමක් මේ වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. එහි ඉන්දීය රජය සඳහන් කර තිබෙනවා මේ Krrish ගොඩනැගිල්ලට යොදවලා තියෙන්නේ අශුද්ධ මුදල් කියලා. ඊළඟට මේ ප්‍රශ්නගත ගනුදෙනුව වෙද්දි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරලා තියෙන්නේ මේ සැකකාර නාමල් රාජපක්ෂගේ එක් බාප්පෙක් වන බැසිල් රාජපක්ෂ. ඒ වගේම මේ ඉඩම සම්බන්ධයෙන් කටයුතු කරපු නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ මේ සැකකරුගේ අනෙක් බාප්පා වන ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේම අනුමැතීන් ලබාදීම, තීන්දු තීරණ ගැනීමේ කටයුතු සිදුවූ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා සහ රටේ ජනාධිපතිවරයාව සිට ඇත්තේ මොහුගේ පියා. මේ සියල්ල මත අරමුණ සඳහා පැවති බැඳීම පැහැදිලිවෙනවා. අපි මේ සම්බන්ධයෙන් කඩිනමින් අධිචෝදනා ගොනුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව මේ සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් මොහු නඩුවිභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා. "

අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.

" ස්වාමිනි, මේ නඩුවේ මගේ සේවාදායකයාට එරෙහිව චෝදනා ඉදිරිපත්කර තිබෙන්නේ පරණ අල්ලස් පනත ප්‍රකාරව. නමුත් ඔය කියන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඉදිරිපත්කර තිබෙන්නේ නව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරවයි. ඒ අනුව පැරණි අල්ලස් පනතේ චෝදනාවකට නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව සහතිකයක් නිකුත් කිරීම නීත්‍යානුකූලව වලංගු නැහැ. ඒ වගේම දැනගන්න ලැබුණු විදිහට මාගේ සේවාදායකයා මේ නඩුවට සැකකරුවෙකු ලෙස නම්කරලා තියෙන්නේ ඊයේ. නමුත් සැප්තැම්බර් 18 වනදා තමයි මේ සහතිකය ගොනුකරලා තියෙන්නේ. කොහොමද ඒක එහෙම වෙන්නේ ? මේක Private Mafia එකක් වගේද Run වෙන්නේ. එබැවින් ස්වාමීනි මගේ සේවාදායකයා සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාර සහතිකය වලංගු සහතිකයක් නොවන බව මා කියා සිටිනවා."

කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ඔක්තෝබර් 06 වැනිදා නඩු දිනයේදී ඇප ඉල්ලීම වාචිකව සහ ලිඛිතව ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔක්තෝබර් 06 වනදා දක්වාත්, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔක්තෝබර් 13 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ