
වර්ෂාධික කාලගුණ තත්ත්වයත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් යළි පහළ බසිමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් කුඩා ගඟ මිල්ලක්නද ප්‍රදේශයෙන් ද ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් ද තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව සඳහන්ය.
එම ස්ථානවල ජල මට්ටම් පහත බසින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නිල්වලා ගඟේ ජල මට්ටම පනාදුගම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පැවතුණ ද එය ද පහත බසින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.





















































