
පොදු අරමුණක් වෙනුවෙන් විවිධ පාර්ශවයන් එකට පැමිණෙන අවස්ථාවක, එක් පාර්ශ්වයක වැදගත්කම තහවුරු විය යුත්තේ අනෙක් පාර්ශවයන්ගේ වැදගත්කම අඩු කිරීමෙන් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් මේ බව සඳහන් කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සිදු කරනු ලබන විරෝධතා සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා කඩවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
සැප්තැම්බර් 17 වැනිදා ඇතිකරගත් එකඟතාවලට පරිබාහිරව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු සහ සංවිධායකවරයෙකු මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රශ්න 05කින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.



















































