header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වැඩි මිලට වතුර වික්ක ඇල්ලේ හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්
 වැඩි මිලට වතුර වික්ක ඇල්ලේ හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්
Mobitel 1278

නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී මෙම අක්‍රමිකතාව අනාවරණය වී ඇති අතර, අදාළ නඩුව ඊයේ (23) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණි.

අංක 18, දුම්රියපොළ පාර, ඇල්ල යන ස්ථානයේ පිහිටි පුද්ගලික ආයතනක සිදුකළ වැටලීමේදී, එවකට ක්‍රියාත්මක වූ 2025 අප්‍රේල් 01 වනදා නිකුත් කළ අංක 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1ක පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් ලෙස නියම කර තිබියදී, එය රුපියල් 200කට අලෙවි කර තිබෙන බව අනාවරණය වී තිබුණි.

අදාළ නඩුවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුවයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1,000,000ක දඩයක් නියම කර ඇත.

කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළ රුපියල් 100ක මිල වර්තමාන උපරිම සිල්ලර මිල නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

දැනට ක්‍රියාත්මක 2026 ජුනි 10 වනදා නිකුත් කළ අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව දේශීයව ඇසුරුම් කරන ලද බෝතල් කළ පානීය ජලය සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් මෙසේයි.

මිලිලීටර් 500ත් 999ත් අතර බෝතලයක් රුපියල් 80ක්ද, ලීටර් 1ත් 1.499ත් අතර බෝතලයක් රුපියල් 120ක්ද, ලීටර් 1.5ත් 1.999ත් අතර බෝතලයක් රුපියල් 150ක්ද, ලීටර් 2ත් 2.499ත් අතර බෝතලයක් රුපියල් 180ක්ද, ලීටර් 5ත් 6.999ත් අතර බෝතලයක් රුපියල් 400ක්ද ලෙස මිල නියම කර තිබේ.

ඒ අනුව ලීටර් 1ත් 1.499ත් අතර පානීය ජල බෝතලයක වර්තමාන උපරිම සිල්ලර මිල රුපියල් 120කි.

බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී බෝතලයේ ප්‍රමාණයට අදාළ වර්තමාන උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙසත්, අය කළ මුදල තහවුරු කර ගැනීම සඳහා බිල්පතක් ලබාගන්නා ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම සංචාරක හෝටල්, ආපනශාලා, කැෆේ, නිකේතන ඇතුළු සියලුම වෙළෙඳ ආයතන නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීමෙන් වළකින ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

සංචාරක ප්‍රදේශයක හෝ වෙනත් ස්ථානයක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අය කිරීමට අවසරයක් නොවන බවද එම අධිකාරිය අවධාරණය කරයි.

උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම ඇතුළු වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි