
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවශ්‍ය නීතිමය විධිවිධානද ඊට ඇතුළත් වේ.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වවල සුබසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණයෙන් හා අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බලතල හා කාර්යයන් මෙම පනත් කෙටුම්පත මඟින් නියම කිරීමට අපේක්ෂිතය.
2026 ජුනි 8 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදී තිබිණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබේ.
අනතුරුව එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



















































