
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, කැලණි ගඟේ ග්ලෙන්කෝස් (Glencourse) ස්ථානයෙන් සහ නිල්වලා ගඟේ පානදුගම ස්ථානයෙන් මේ වන විට සුළු ගංවතුර තත්ත්වයන් (Minor Flood) හටගෙන තිබේ.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වැසි හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල ගංගා ජල මට්ටම් අවධානම් (Alert) මට්ටමේ පවතී.
කැලණි ගඟ: හන්වැල්ල, නොර්වුඩ් (කෙහෙල්ගමු ඔය) සහ හොලොම්බුව (ගුරුගොඩ ඔය) ප්‍රදේශ.
කළු ගඟ: මගුරා (මගුරු ගඟ), කලවැල්ලාව/මිල්ලකන්ද (කුඩා ගඟ) සහ රත්නපුර ප්‍රදේශ.
ගින් ගඟ: තවලම සහ බද්දේගම ප්‍රදේශ.
මහවැලි ගඟ: පේරාදෙණිය ප්‍රදේශය.
පසුගිය පැය 12ක කාලය තුළ (ප.ව. 9:00 වන විට) දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලී ඇති අතර, එයින් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයෙනි (මි.මී. 89.6කි).
මීට අමතරව නාවලපිටිය (මි.මී. 81.9), ගිරිඋල්ල (මි.මී. 78.4) සහ දෙරණියගල (මි.මී. 76.7) යන ප්‍රදේශවලින් ද ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව ඉදිරි පැය කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.



















































