
අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය කලාපයේ හෙට (21) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා විසින් ලබාදී තිබේ.
ඒ අනුව අදාළ පාසල් පවත්වන්නේ ද නැද්ද යන තීරණය අදාළ විදුහල්පතිවරුන් ගනු ලබයි.
අද දෙරණ කළ විමසීමකදී නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. එස්. ඩී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.



















































