
එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සඳහා සංශෝධනය සම්බන්දයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (20) අකුරැස්සේ පැවති ජන රැලියකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
"ලෝක වෙළෙඳපොල අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩි කරන්න ඕනි. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩිවෙන්න ඕනි. හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩු අන්න එහෙමයි. මරාලයක් කඩා වැටුණම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ...ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕනි. හොඳ නැද්ද එහෙම"



















































