
වව්නියාව, තොනිකල් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මව ඝාතනය කර, පුත්‍රයාද සියදිවි නසාගෙන තිබේ.
බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් අදාළ පුත්‍රයා විසින් මෙලෙස මව ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව පුත්‍රයාද එම නිවසේම අසල කාමරයක ගෙල වැළලාගෙන මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































